කොළඹ පැය 8ක රථවාහන සෝදිසියෙන් මත්කුඩු ගංජා සමඟ 5ක් මාට්ටු

109

කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ඊයේ (18 වැනිදා) කොළඹ දකුණු කොට්ඨාශයේ සිදුකළ විශේෂ රථවාහන සෝදිසි මෙහෙයුමකදී මත්කුඩු හා ගංජා ළඟ තබාගත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකය සමත්විය.

මෙම මෙහෙයුම ඊයේ පැය 08 ක කාලයක් ක්‍රියාත්මක විය. අත්අඩංගුවට ගත් අවුරුදු 20 ත් 40ත් අතර වයසේ පසුවන සැකකරුවන් පස්යාල, සෙවනගල, නාරාහේන්පිට, හෝකන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඊයේ වාහන 100 කට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂාවට ලක් කළ බවත්, සෝදිසි කළ වාහන රැසක් සුඛෝපභෝගී වාහන බවත් පොලිසිය කියයි.

කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ දකුණ කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක උදේශ දමයන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

එම පොලිස් නිලධාරීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ රථවාහන පරීක්‍ෂාවට ලක් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment