ජීවන්ගේ පක්ෂයත් දෙකඩ වෙයි!

400

උප සභාපති අරූල් සාමි සජබට යයි

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් පැනනැඟී තිබේ.

මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු ගණනාවක් හේතුවෙන් එසේ වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැටලු හේතුවෙන් එම පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි මහතා ඊයේ (08දා) පක්ෂයෙන් ඉවත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ

මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ. පක්ෂයෙන් ඉවත් වූ භාරත් අරූල් සාමි මහතා සමගි ජන බලවේගය සමග ඊයේ (08දා) සවස එක්ව ඇති අතර ඔහු සමගි ජන සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතය.

අරූල් සාමි මහතා පසුගිය 2020 මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර මනාප 24,000ක් ලබාගෙන ඇත.

සිය පක්ෂය ජාතික අර්බුද අවස්ථාවකදී තම වාසිය තකා රටට හානිකර ඇති බවත් තමන්ගේ හෘද සාක්ෂිය ඊට එකඟ නොමැති බවත් භාරත් අරූල් සාමි මහතා ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර


advertistmentadvertistment