ඩීසල් මිල අඩු වුවත් මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි.
පසුගිය ජනවාරි මස රුපියල් 29කින් සහ පෙබරවාරි මස රුපියල් 05කින් ලෙස රුපියල් 34කින් ඩීසල් මිල වැඩි වී ඇති බවත් නමුත් එම අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කිරීමක් නොකළ බවත් එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා ‘දිවයින’ට කීය. එබැවින් මේ මොහොතේ ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීමක් කළ නොහැකි බව ද හෙතෙම කීවේය. ලබන ජූලි මාසයේදී ජාතික ප්‍රතිපත්තියට අනුව සිදුකෙරෙන සංශෝධනය තෙක් බස් ගාස්තු සංශෝධයක් නොකරන බවද වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
මේ අතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද කියා සිටියේ ඩීසල් මිල රුපියල් 30කින් අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බවය.
අකිත පෙරේරා