ටයිකොන්ඩෝ ශූරයෝ පැමිණෙති

101

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති බංග බන්දු පළමු වන ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනා ගෙන ඊයේ (26 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවර 10/19 දින සිට 10/21 දින දක්වා බංග බන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, මැලේසියාව භූතානය, තායිලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් 08 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

කටුනායක ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment