මධ්‍යම තැපැල් හුවමාර්වේ කුෂ් ගංජා

156


ව්‍යාජ ලිපිනයන් සඳහන් කරමින් මධ්‍යම තැපැල් හුවමාරුට ලැබී තිබූ රුපියල් මිලියන 12කට ආසන්න වටිනාකමින් යුත් කුෂ් ගංජා ග‍්‍රෑම් 716ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යැයි සැක පිට පාර්සල් දහතුනක් පරීක්ෂණ කටයුතු සඳහා නවතා ඇති අතර මෙම පාර්සල් බි‍්‍රතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ හා කළුතර ප‍්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ බවත් පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගත් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment