රුසියාව ඇමෙරිකාවට වැරැදි තොරතුරු දීලා – යුක්රේනය
යුක්රේනය ආක්‍රමණය කළ රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වසර තුනකට පමණ පෙර ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී ඉතාමත් ඉහළ පිළිගැනීමකට ලක්වූ යුක්රේන ජනාධිපති වොලැඩිමීර් සෙලෙන්ස්කිව ඒකාධිපතියකු ලෙස හඳුන්වා දී ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්සිකිට එරෙහිව දූෂණ චෝදනා ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් ඊයේ (20දා) වාර්තා කර තිබිණි.
යුක්රේනයේ පවතින යුද්ධය නිම කිරීම සඳහා සෞදි අරාබියේ රියාද් අගනුවරදී ඇමෙරිකානු හා රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවති ප්‍රථම වටයේ සාකච්ඡාවලින් අනතුරුව මෙතෙක් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය හදිසියේ වෙනස් කර ඇති ජනාධිපති ට්‍රම්ප් යුක්රේන යුද්ධයට විසඳුම් ලබාගැනීම සඳහා ජනාධිපති සෙලෙන්ස්කි වේගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් නැතහොත් ඔහුට රටක් ඉතුරු නොවනු ඇතැයි අවධාරණය කර තිබේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් යුක්රේනයට බැණවැදීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් රුසියාව විසින් නිර්මාණය කරන ලද වැරදි තොරතුරු අවකාශයක ජීවත් වෙමින් සිටින බවයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ