ට්‍රම්ප් සහ පුටින් මේ සතියේ හමු වෙති

518

යුක්රේනය සමග සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් අතර හමුවක් මේ සතියේ සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.යුක්රේන ජනාධිපති වොලැද්මීර් සෙලෙස්කින් මහතා විසින් සදහන් කළ දින 30ක සටන් විරාමය තමා පිළිනොගන්නා බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණි.යුක්රේනයේ විශාල භූමි ප්‍රමාණයක් රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති නිසා දැන් යුක්රේන හමුදාවට ඇත්තේ යටත් වීම හෝ මියයාම බවද රුසියානු ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.


advertistmentadvertistment