අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු ව ඇත.ඒ අනුව ඊයේ රැස්වූ එම කොමිසම අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ටැටූ ආයතනය හිමිකරුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගය වලට පටහැනිව මාධ්‍යට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර තිබේ.එම සිදුවීමට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර එය පොලිස් කොමිෂන් සභාව වෙත දැන්වීමට පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
|