ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බොබ් කව්පර් දිවියට සමු දෙයි 

108

කීර්තිමත් , හිටපු  ඕස්ට්‍රේලියානු  ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක බොබ් කව්පර් ඊයේ ( 11 ) අභාවප්‍රාප්ත වී තිබේ .හෙතෙම දිවියෙන් සමුගන්නා විට   වයස අවුරුදු 84 කි .
.
වමත් පිතිකරුවෙකු වන කව්පර්, 1964 සහ 1968 අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 27 ක් ක්‍රීඩා කළේය.

ඔහුගේ ටෙස්ට් ජීවිතයේ කැපී පෙනෙන සිදුවීම ලෙස වාර්තා වන්නේ  1965/66 අළු බඳුන තරඟාවලියේදී   එංගලන්තයට එරෙහිව ලකුණු 307 ක් රැස් කළ විශ්මයජනක ඉනිමයි.
එය ඕස්ට්‍රේලියාවේ ලබාගත් පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකයයි.
ටෙස්ට් තරඟයකදී ත්‍රිත්ව ශතකයක් ලබාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් හත් දෙනෙකු පමණි.
කව්පර් ඔහුගේ ටෙස්ට් දිවිය තුළ ලකුණු 2,061 ක් රැස් කළ අතර, ඔහුගේ නමට ඉදිරියෙන් ශතක පහක් සටහන් වී තිබේ .
කව්පර් ඔහුගේ ටෙස්ට් දිවිය තුළ සාමාන්‍ය 46.84 ක් සමඟින් ලකුණු 2,061 ක් රැස් කර තිබේ .
 වයස අවුරුදු 28 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් හෙතෙම පසු කලෙක  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙස ද  කටයුතු කළේය  කළේය.


advertistmentadvertistment