ගලබඩ ඇල්ලේ දියනෑමට ගිය ශිෂ්‍යයා ජීවිතක්‍ෂයට

224

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වළක දිය නෑමට ගිය පාසල් ශිෂ්‍යයෙක් දියේ ගිලී පෙරේදා (26 දා) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කඩුගන්නාව, පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිඳු චමෝද් නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම සිසුවා කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත්, ජිවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ මිතුරන් කිහිපදෙනකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගොස් ඇත.

එම අවස්ථාවේ පසිඳු චමෝද් ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වළකට බැස දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇත.

අසල්වාසීන් සහ ඇල්ල නැරැඹීමට පැමිණ සිටි පිරිසක් දියේ ගිලී සිටි සිසුවා ගොඩට ගෙන 1990 සුවසැරිය ගිලන් රථයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment