නාමල් උයනේ ජාතික මෙහෙවරට වසර 33ක් පිරීම සමරා පාසල් දරුවන් දහසකට පොත්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අනිද්දා

175

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දස ලක්ෂ 550 කට වඩා වැඩි, වඩා පැරැණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටිය ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට, එය ජාතිය වෙනුවෙන් ආරක්ෂාකර තැබීමේ උදාර ජාතික මෙහෙවර, ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ආරම්භකොට වසර 33 ක් පිරීම නිමිති කරගෙන, ජාතික නාමල් උයන වටා ජීවත්වන පාසල් දරුවන් 1000 ක් සඳහා රු. 6000 කට වඩා වැඩි වටිනාකමකින් යුතු පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය මාර්තු මස 02 වැනි දින උදේ 10.00 ට ජාතික නාමල් උයනේදී සිදුකෙරේ.

එහිදී ජාතික නාමල් උයනේ ඉපැරැණි චෛත්‍ය රාජයාණන් වහන්සේ විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව මල් පහන් පූජාව පැවැත්වීමට ද නියමිතය. මේ සඳහා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් පැමිණීමට නියමිත අතර ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් දරුවන් 1000 ක් පමණ දෙනා සහභාගි වෙති. ඔවුන් සඳහා පෝෂ්‍යදයී ආහාර වේලක් ද ලබාදීමට කටයුතු යොදා ඇති බව ජාකික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment