ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරග කල් යයි

1

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් පවත්වනු ලබන ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවු. 25 න් පහළ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග 2024 ජුනි මස 15, 16 සහ 17 දිනවල දී කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එම තරග කල් දැමීමට තීරණය කර ඇත.

මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් දින නියමයකින් තොරව එම තරග කල් දැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment