‘කදිර දිව්‍යරාජ’ රඟන සමර් සහ සොනක්‍ෂි අද කතරගමට

172

75 වසරක දේශීය සිනමා ඉතිහාසයේ දින 50ක් තුළ චිත්‍රපටයක් ලැබූ වේගවත්ම ආදායම ලබන්නට සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය සමත්ව ඇත.

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනයෙන් දායක වූ ‘කදිර දිව්‍යරාජ’ සිනමා සිත්තම මේ වන විට රුපියල් ලක්‍ෂ 2000ක ආදායමක් ලබා ඇත. වැල්ලවත්ත Sapphire හෝටලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සිදුවිය.

මීට සමගාමීව සිංහල සිනමාවට සෙත්පතා මෙම මස 29 වැනිදා (අද) කතරගම කිරි වෙහෙර පුදබිමේදී සහ කතරගම දේවාල පරිශ්‍රයේදී ආශීර්වාද පූජාව, කප්රුක් පූජාව, මහසෙන් පූජාව, ධර්ම සාකච්ඡාව, අෂ්ඨඵල බෝධි පූජාව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කදිර දිව්‍යරාජ නිෂ්පාදන කණ්ඩායම කටයුතු යොදා ඇත.

රයිගම් දෙවැනි 1 සහල් නූඩ්ල්ස් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පිංකමට චිත්‍රපටයේ ප්‍රධාන නළු සමර් වර්මානි, ප්‍රධාන නිළි සොනක්‍ෂි සිං රාවත්, ශ්‍රී ලාංකීය නළුනිළියන් සියලුම දෙනා සහ ශිල්පීන් සහභාගි වීමට නියමිත අතර සිනමා ලෝලී ඔබ සැමට ද මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.

‘කදිර දිව්‍යරාජ’ රඟන සමර් සහ සොනක්‍ෂි අද කතරගමට
advertistmentadvertistment
advertistmentadvertistment