ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකු පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය.

මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් නැෂනල් බැංකුවයි.

මෙම ඓතිහාසික අවස්ථාවේදී අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා සඳහන් කළේ අපේ ආරම්භයේ සිටම අපේ ශක්තිය රඳා පවතින්නේ අපේ මූල්‍යමය ශක්තිය මත පමණක් නොවන බව අපි දන්නවා. මොකද අපේ ලොකුම ශක්තිය වෙන්නේ අපි සේවය කරන වගේම අපිව ආයතනයක් ලෙස විශ්වාස කරන අපේම ජනතාව. නොඑසේ නම් පළමු වරට ඉතිරි කිරීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ගේ සිට දැවැන්ත ව්‍යාපාර බවට පත්වෙලා තියෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනකන්ම විහිදිලා තියෙන අපේම ගනුදෙනුකරුවන්. ගැමි පුබුදුව වැනි වැඩසටහන් හරහා අපට ජනතාව සමඟ ගැඹුරින් සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. ඒ වගේම අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වයට ප‍්‍රමුඛත්වය දෙන වෙනත් පාර්ශව සමඟ සම්බන්ධතා වර්ධනය කිරීමට ඇති අපේ කැපවීම පෙන්නුම් කිරීමටත් අපට හැකි වුනා. අපේ ගනුදෙනුකාරභවතුන්ට, ව්‍යායාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට අප ලබා දුන් දිරිගැන්වීම් වගේම ඒ හරහා ඔවුන් විසින් ලබා ගත් සාර්ථකත්වයන් අපේ විශාලතම ජයග‍්‍රහණයන් බව මා මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට කැමතියි. අපගේ අතීත අත්දැකීම්වලින් ශක්තිමත් වී අපි ඔබ හා එක්ව නිර්මාණය කරන ඒ සුන්දර අනාගතය කරා පියමං කරන්න අපි ඉතා උනන්දුවෙන් බලා සිටින වග මතක් කරන්නට කැමතියි. යනුවෙනි.

ඡායාරූපය ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment