ඩෙංගු රෝගීහු 25,222ක්

11

මෙම වසරේ (2024) ගත වූ මාස 5 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විස්පන්දහස් දෙසිය විසිදෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම කාලසීමාවේදී ඩෙංගු මරණ 09ක් වාර්තා වන බවද එම එම ඒකකය කියයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 9190ක් බවත් එම ඒකකය පවසයි.

ඉදිරියේදී මෝසම් වැසි සමග රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

අපි රටපුරා පරිශ්‍ර 93,874ක් පරීක්ෂා කරලා තියෙනවා. එයින් මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 28,310ක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මදුරු කීටයන් සහිත පරිශ්‍ර 4,890ක් හඳුනාගෙන තියෙනවා. සෑම පාසල් 5කට එකක් මදුරු කීටයන් බෝවෙන ස්ථාන බවට හඳුනාගත්තා. ටියුෂන් පන්ති වගේ තැන්වල සියයට 5ක මදුරු කීටයන් බෝවෙන ස්ථාන අපි හඳුනාගත්තා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment