ජපානය සමහ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් පමණ වන ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (07) මුදල් අමාත්‍යංශයේ දී සිදු විය.
මේ යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම ඊයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට සිදුකළ යුතු බවත් එම ප්‍රතිසංස්කරණ සිදුකරගෙන යෑමෙන් පමණක් මෙරට ආර්ථිකය ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත