සුරතලයට සිටි බල්ලා මළසිරුර සොයාදෙයි
යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ නිවසක තනිවම විසූ කාන්තාවක් 27 දා කපා කොටා ඝාතනය කිරීමෙන් පසු ඇගේ මළසිරුර සොයා දී ඇත්තේ නිවසේ සුරතලයට ඇති දැඩිකළ බල්ලකු විසිනි.
තම්බයියා සරෝජා නමැති 82 හැවිරිදි කාන්තාව එම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර ඇගේ තනි නොතනියට සිට ඇත්තේ මෙම බල්ලා පමණි.
කිසියම් පිරිසක් විසින් කුමන හෝ හේතුවක් මත වයෝවෘද්ධ කාන්තාවට පහර දී ඝාතනය කොට ඇති අතර අලුයම් කාලයේදී බල්ලා නිවසේ සිට පාරක් දිගේ තවත් නිවසක් වෙත ගොස් එම කාන්තාවගේ ගවුම කටෙන් අල්ලා කාන්තාව නිවස දක්වාම කැඳවා ගෙන පැමිණ තිබේ.
කාන්තාව නිවසට පැමිණි පසුව බල්ලා වයෝවෘද්ධ කාන්තාව මියගොස් සිටි ස්ථානයද බල්ලා විසින්ම කැඳවාගෙන පැමිණි කාන්තාවට පෙන්වා තිබේ.
එම කාන්තාව වහාම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටුවිල් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසුව චාවාකච්චේරි පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත.
චාවකච්චේරී මහෙස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පවත්වා කාන්තාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට තිබේ.
චාවකච්චේරී සහ කෝපායි පොලිසි පරීක්ෂණ අරඹා තිබේ.
දිනසේන රතුගමගේ