තමිල්නාඩු ගමක බලාපොරොත්තුව කමලා හැරිස්

831
එදා කමලා සීයා ඇතුළු පවුලේ පිරිසක් සමග

කමලා හැරිස් ඇමෙරිකාවේ ජනාධිපති වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇගේ සීයා ජීවත්වූ තමිල්නාඩුවේ තුල්සේන්ද්‍රපුරම් ගමේ වැසියන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි කමලා හැරිස්ට සුබපතා බැනර් පවා ප්‍රදර්ශනය කර තිබේ.

කමලා හැරිස්ගේ මවගේ පියා වන වී. ගෝපාලන් වර්තමාන චෙන්නායි නුවර මෙන්ම, සැම්බියා රාජසභාව යෑමට පෙර කෙටි කාලයක් මේ ගමේ වාසය කර තිබේ.

කමලාගේ මව ශ්‍යාමලා ගෝපාලන් වැඩි වශයෙන් හැදීවැඩී ඇත්තේ ගමෙන් පිට වන අතර පසුව ඇය ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා ගොස් තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment