සාමාන්‍යයෙන් අපගේ සිරුරේ ජවය පවතින්නේ වයස අවුරුදු 50-55 දක්වා පමණි. ඉන්පසු ශරීරය ක්‍රියාත්මක වන්නේ අප තරුණ කාලයේදී ගනු ලැබූ ආහාර පාන සහ ව්‍යායාමවලින් සිරුරට ලැබුණු ජවයෙනි.
තරුණ කාලයේදී බොහෝදෙනා ආහාරපාන ගැනීමේදී වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. අපිට දියවැඩියාව නැහැ, කොලෙස්ටරෝල් නැහැ, ප්‍රෙෂර් නැහැ ආදී ලෙසින් පවසා වැඩිපුරම ආහාරයට ගන්නේ ශරීරයට අහිතකර ආහාර වර්ගය.
මෙලෙස තරුණ කාලයේදී ගනු ලබන විෂ සහිත ආහාර වර්ගවල ප්‍රතිඵල අත්විඳීමට සිදුවන්නේ මැදිවියට පත්වනවිටදීය.
වස විස සහිත ආහාර වර්ග ගනු ලබන රටවල් දහය අතරට ශ්‍රී ලංකාවත් එක්ව සිටී. එනිසා බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග නිසා මියයන ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත.
සාමාන්‍යයෙන් අපගේ සිරුරේ ජවය පවතින්නේ වයස අවුරුදු 50-55 දක්වා පමණි. ඉන්පසු ශරීරය ක්‍රියාත්මක වන්නේ අප තරුණ කාලයේදී ගනු ලැබූ ආහාර පාන සහ ව්‍යායාමවලින් සිරුරට ලැබුණු ජවයෙනි.
සිරුරේ ජවය
අපගේ සිරුරේ ජවය පවත්වා ගැනීමට සහ වැඩි කරගැනීම සඳහා තරුණ කාලයේදී විවිධ ආහාර වර්ග, විටමින් වර්ග ගැනීමට යොමු වේ. ඒ අතර ඇතැම් දෙනා සිරුරේ බාහිර පෙනුම වැඩි කර ගැනීම සඳහා ද විවිධ ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස්වලින් තොරව ගනු ලබයි.
මින් කෙටි කාලීනව සිරුරට ජවයක් සහ අලංකාරයක් ලැබුණ ද මැදිවියට පත්වන විට මෙහි ප්‍රතිඵල අත්විඳීමට සිදුවේ. එනම් සම දුර්වර්ණ වීම, අස්ථි දුර්වල වීම, වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාල වීම ආදී රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වේ.
වර්තමානයේ හන්දිපත් රෝග, සමේ මතු වූ රෝග සම්බන්ධව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන මැදිවියට පත්ව සිටින පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් මෙලෙස තරුණ කාලයේදී නිවැරදි පෝෂණයෙන් ආහාර පාන නොගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව විවිධ ආලේප වර්ග සහ විටමින් වර්ග භාවිතා කළ අය වෙති.
එබැවින් තරුණ වියේදී වැඩිපුර පලාවර්ග, වට්ටක්කා, කැකිරි, දඹල ආදී එළවළු ආහාරයට ගැනීම, පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම, දිනකට නිසි පරිදි ජලය පානය කිරීම කළ යුතුය.
ව්‍යායාම
මැදිවියට පත්වනවිට බොහෝදෙනා කරන එක් වැරදි ක්‍රියාවක් වන්නේ දැන් අපි වයසයි නිසා ව්‍යායාමවලින් ඈත්වීමය. නිවසට වී කය වෙහෙසා කරන වැඩ නොකර විවේකීව සිටීමට යැයි කියා අලස ජීවිතයක් ගත කරයි. මෙය වැරදි පුරුද්දකි. මැදිවියට පත්වූ විට ඇවිදීම, යෝගී ව්‍යායාමවල යෙදීම, මනස සන්සුන් කරන භාවනාවල යෙදීම ආදිය කළ යුතුය.
නින්ද නොයෑම
වයසට යනවිට බොහෝදෙනා පෙළෙන රෝගයක් වනුයේ නින්ද නොයාමය. මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මනස සන්සුන් නොවීමය. එබැවින් එවැනි අවස්ථාවලදී රාත්‍රි නින්දට පෙර ඔරලෝසුවේ තත්ත්පර කට්ට ගමන් කරන වේගයෙන් එකේ සිට සියයට මුල සිට අගටත් අග සිට මුලටත් ගණන් කිරීම හොඳ ප්‍රතිකාරයකි. ඉන් මනස සැහැල්ලු වී නින්ද ඇති වේ.
සන්ධි රෝග
බොහෝදෙනාට බලපා ඇති ආතරයිටිස් රෝගය සඳහා හේතු වී ඇත්තේ කැල්සියම් සහ විටමින් ඩී අඩුකමය. එබැවින් ඒ සඳහා කහ පැහැති පලතුරු වර්ග ආහාරයට ගැනීම, උදෑසන හිරු එළියට නිරාවරණය වීම, හාල්මැස්සන්, කුඩා මාළු වර්ග ආහාරයට ගැනීම ආදිය කළ යුතුය.
බෙලිමල් තම්බා පානය, කොළ කැඳ වර්ග පානය ආදිය ද ඉතා ගුණ දායකය.
වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමතිය හැකිය.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.