තලතාගේ අසුනට පරණවිතාන ඊයේ දිවුරුම් දෙයි

39

කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික් නව මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (03) දිවුරුම් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට පරණවිතාන මහතා පත් කෙරිණි.

2020 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් කරුණාරත්න පරණවිතාන මහතා මනාප 36,787 ක් ලබා තිබිණි.

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන් අතර මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය කියවූවාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment