අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි තවත් ලියාපදිංචි අපරාධකරුවෙකු වන මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් ඇත.
ඊයේ රාත්‍රියේ අදාළ සැකකරු මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
අදාළ අපරාධකරු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.