ත්‍රිරෝදය රජරට රැජිනේ හැපී දෙදරු මව ජීවිතක්‍ෂයට

280

රියැදුරුටත් බරපතළයි

අහංගම මහා විහාර පාර දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (02 දා) ත්‍රිරෝද රථයක් රජරට රැජින දුම්රියේ හැපීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ රියදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලු කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ අහංගම සංඝරතන මාවත පදිංචිව සිටි ගයානි ශ්‍රියාලතා ද සිල්වා (55) නමැති දෙදරු මවකි.

මෙම කාන්තාව ජල බිල්පතක් ගෙවීමට බැංකුවක් වෙත ත්‍රිරෝද රථයකින් ගමන් කරන විට අහංගම මහා විහාර මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථය හැපී මිටර් 200ක් පමණ දුරට ඇදී ගොස් තිබේ. මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය ඊයේ (02 දා) පැවැත්වීමට නියමිතව තිබුණි.

අහංගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඊ. ඩබ්ලිව්. පී. ලියනපතිරණ සහ කොස්තාපල් සමීර (83065) යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අහංගම – සුගතපාල දීයගහගේ


advertistmentadvertistment