රුසියාවෙන් මොස්කව් ප්‍රහාරයේ චෝදනාව යුක්‍රේනයට

401

ඉකුත් සතියේ 100 කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් රුසියාවේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයිසිස් සංවිධානය විසින් භාරගෙන තිබියදීත් රුසියාව දිගින් දිගටම එම ප්‍රහාරයට යුක්රේනය වගකිවයුතු බවට චෝදනා එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් සිකුරාදා මොස්කව් නගරයේ ක්‍රොකස් නගර ශාලාවට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිට රුසියානු සමාජ මාධ්‍ය ජාල මෙන්ම රුසියානු බලධාරීන්ගේ ප්‍රකාශයන් හා මාධ්‍ය වාර්තා හරහා එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත්තේ යුක්‍රේනයට බව අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබේ. රුසියානු වෙබ් හා බ්ලොග් අඩවි පවා මොස්කව් ප්‍රහාරයේ චෝදනාව යුක්‍රේනය වෙතම එල්ල කරමින් සිටින බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment