යුක්රේන ජාතිකයෝ මිලියන 3.1ක් රටින් පලා යති

253

යුක්රේන ජනතාවගෙන් සියයට 7ක් පමණ දෙනා මේ වන විට රුසියානු ආක‍්‍රමණය හේතුවෙන් රටින් පැන ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය පවසයි. එම ආයතනයට අනුව යුක්රේනයේ මිලියන 3.1 ක් පමණ දෙනා මේ වන විට යුද වාතාවරණය හේතුවෙන් වෙනත් රටවලට පැන ගොස් ඇත.

මෙම පිරිසෙන් වැඩි දෙනකු එනම් මිලියන 1.9ක් දෙනා පෝලන්තයට පැන ගොස් ඇති අතර අනතුරුව වැඩි පිරිසක් පැන ගොස් ඇත්තේ යාබද මෝල්ඩෝවා රාජ්‍යයට හා හංගේරියාවට බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment