පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට හා අනිද්දා (28,29) දින දෙකේදීත් පැවැත්වෙයි.
ඉකුත් දින දෙකේදි තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මෙම දින දෙකේදී හැකියාව ලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර ඉකුත් 24 හා 25 දිනවලදි රාජ්‍ය සේවකයන් අති බහුතරයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
සුළු සිද්ධීන් කිහිපයක් හැරුණුකොට තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදුවූ බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
රාජ්‍ය ආයතන රැසක තැපැල් ඡන්ද කටයුතු සිය සංවිධානය නිරීක්ෂණය කළ බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
රනිල් ධර්මසේන