ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන හල් හිමියන් සඳහා මෙතෙක් ලබා දීමට කටයුතු කරමින් තිබූ සියයට 3ක වට්ටම් මුදල අද (01) සිට ලබානොදෙන බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් ඒ නිසා ඊයේ සවස සිට ඉන්ධන ඇණවුම් කිරීම ඉන්ධන හල් හිමියන් විසින් අත්හිටවූ බවත් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති, මාධ්‍ය ප්‍රකාශක කුසුම් සන්දනායක මහතා ‘දිවයින’ට පැවසීය.
2015 වසරේ සිට ඉන්ධන හල් හිමියන් සඳහා එම වට්ටම් මුදල ලබා දුන් බවත් තෙල් බෙදුම්කරුවන් සමග සාකච්ඡා කර හෝ නොකර තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් එම සියයට 3ක වට්ටම් මුදල ලබා නොදෙන බවට ප්‍රකාශ කර තිබෙන බවත් එය ඉවත් කර ගන්නා තෙක් ඉන්ධන ඇණවුම් නොකිරීමට බෙදුම්කරුවන් තීරණය කළ බවත් ඒ මහතා පැවසීය.
චමින්ද සිල්වා