වර්තමානය වනවිට දකුණු පළාත තුළ පැනනැඟී ඇති අපරාධ රැල්ල පිළිබඳ සහ එයට බලපා තිබෙන සාධක මොනවා ද? වැඩිපුර අපරාධ සිදුවන පරිසරයන් හා ඒවා නැති කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ පර්යේෂණයක් කිරීමට රුහුණු විශ්වවිද්‍යාලයේ අවධානය යොමුවී ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පර්යේෂණය පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගිදා රුහුණ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මේ සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත පස්දුන්කෝරාළ, රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රියන්ත රේණුක, සමාජ විද්‍යා අධ්‍යනාංශාධිපති ආචාර්ය ගයත්‍රි විජේසුන්දර, රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශාධිපති අයි. ආර්. අකුරුගොඩ, මාතර තංගල්ල නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් සුධර්මන් වෛද්‍යරතන සහ සුනිසිත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පී. එල්. ජයවර්ධන – කඹුරුපිටිය