සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වීම පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එම ඡායාරූපය ලබාගත් කාලය නිර්ණය කිරීම සඳහා මූලික විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
අවශ්‍යතාව මත ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බව ද ඒ මහතා කීය.
සිරි දළදා වන්දනාවේදී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර