දළදා පෝලිමේ වන්දනාකරුවන්ට පොලිසියෙන් ස්ටිකරයක්

25

මහනුවර සිරි දළදා වන්දනාව සඳහා පෝලිම් ගැසී සිටින ජනතාවට හඳුනාගැනීමේ ස්ටිකරයක් ලබාදීම ඊයේ (24 වැනිදා) සිට ආරම්භ කළ බව පොලිසිය පවසයි.

ඒ අනුව මහමළුවට ප්‍රවිෂ්ට විය හැක්කේ එම ස්ටිකරය පැලඳ ඇති සැදැහැවතුන්ට පමණි. ඒ හැර කිසිදු පුද්ගලයකු ඇතුළත් කර නොගන්නේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට දිනකට හැකියාව ඇත්තේ හැත්තෑදහසකට ආසන්න පිරිසකට පමණක් නිසාය. මේ වනවිට සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ රැඳී සිටින බව ඊයේ වාර්තා විය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවරට යොදවා තිබූ විශේෂ බස් රථ සේවාව සහ විශේෂ දුම්රිය සේවාවන් ද නතර කර දැමූ බව ප්‍රවාහන බලධාරීහු පැවසූහ.

සමන්තී වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment