දැඩි පොලිස් රැකවල් මැද ක්ලබ් වසන්තගේ සිරුර ජයරත්න මල් ශාලාවට

427

පාතාල අපරාධකරුවන් විසින් ඝාතනයට ලක්කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත ඊයේ (12 වැනිදා) දහවල් රැගෙනවිත් තිබිණි.

ක්ලබ් වසන්තගේ සිරුර තැම්පත් කර තබන මල් ශාලාවට සහ ඊට සහභාගි වන අයට වෙඩි තබන බවට විදේශ රටකින් එල්ල වූ තර්ජන හමුවේ ජයරත්න මල් ශාලාවට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදීමට බොරැල්ල පොලිසිය පියවර ගත්තේය. ඒ සඳහා පොලිස් නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් යොදවා තිබිණි.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13 වැනිදා) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ක්ලබ් වසන්තගේ සිරුර ප්‍රදර්ශනය සඳහා තබන මල් ශාලාවට ප්‍රහාර එල්ල කරන බවට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම සම්බන්ධයෙන්ද බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර වසන්ත නොහොත් වසන්ත පෙරේරාගේ අවසන් කටයුතු සිදුකරන අද (13) දින බොරැල්ල කනත්ත සහ අවමංගල්‍ය ශාලාව අවට දැඩි පොලිස් රැකවරණය යොදවනු ඇත.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන


advertistmentadvertistment