නඳුන් චින්තක නොහොත් හරක් කටා ඊයේ (23දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පිහිටි මහාධිකරණය වෙත ආරක්ෂක අංශ නිලධාරීන් විසින් දැඩි රැකවල් මත රැගෙන එනු ලැබීය.
ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරන ලද නඩු දෙකක් සම්බන්ධයෙන් මෙහිදී නඩු විභාගය පැවැත්විණි. ජී.ආර්. වර්ගයේ බෝම්බයක් ළඟ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ඔහුට විරුද්ධ නඩු පවරා තිබුණි.
මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා විසින් මෙම නඩු විභාග කළ අතර ජුනි මස 02 වැනිදා සහ ජූලි මස 08 වැනිදා නැවතත් මෙම නඩු කැඳවීමට දින නියම කරන ලදි.
මහාධිකරණයට මාතර – ලලිත් පත්මසිරි