දියතලාව මෝටර්රථ ධාවන තරගයේදී බරපතළ තුවාල ලබා දැඩි සත්කාරයේ සිටි සිසුවියත් මරුට

487

පසුගිය අප්‍රේල් 21 වැනිදා දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චාමින්දි සත්සරණි (අවු. 16) සිසුවිය පෙරේදා (15 දා) ජීවිතක්‍ෂයට පත්වී ඇත. ඇය දියතලාව මහා විiාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවියකි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා ෆොක්ස් හිල් මෝටර්රථ ධාවන තරගාවලිය පෙරවරුවේ ආරම්භ වූයේ දියතලාව නරියාකන්ද ධාවන පථයේදීය. මෙම මාරාන්තික රිය අනතුරින් සත් දෙනකුට දිවි අහිමි විය. එහිදී ධාවන තරගයේ සහායකවරු සිවුදෙනකුට දිවි අහිමිවූ අතර සෙසු පුද්ගලයන් ධාවන තරගය නැරඹීමට පැමිණි අයවලුන්ය. මෙලෙස මියගිය අය අතර වැලිමඩ අට හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා, 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාරි, සීදූවේ 19 හැවිරිදි චමත් නිරෝෂන්, මාතර 62 හැවිරිදි අරුණ ශාන්ත උපාලි ගමගේ, අකුරැස්සේ 20 හැවිරිදි අෂේන් හීනටිගල, මාතර 60 හැවිරිදි ගනේෂ් විජයවර්ධන හා 32 හැවිරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩක රසිත අබේනායක මෙම අනතුරින් එදින ජීවිතක්‍ෂයට පත්වූහ. මෙවර ෆොක්ස් හිල් ධාවන තරගය වසර 05කට පසුව පැවති අතර 2019 වර්ෂයේ ද අප්‍රේල් 21 වැනිදා මෙම තරගාවලිය පැවැත්වෙමින් තිබියදී එදින සිදුවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනගත් විගස තරගය අතරමග නවතා දැමීමට සංවිධායකවරු ක්‍රියා කළහ. මෙම අනතුර පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අභ්‍යන්තර පරීක්‍ෂණයක් අරඹා ඇති අතර මෙම අනතුර පිළිබඳව දැනට ඇති වීඩියෝපට සහ ඡායාරූප උපකාරී කරගෙන පරීක්‍ෂණ පැවැත්වෙන බැව් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහන් කර තිබුණි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ, හපුතලේ – බුවනෙක නයනානන්ද

advertistmentadvertistment
advertistmentadvertistment