මිල්ටන් පෙරේරා හොඳ මිත්‍රයෙක් – කුලරත්න සිල්වා

TV දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂ ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මියගේ සංකල්පයකට අනුව 2018 වසරේ දහස් සංඛ්‍යාත තරගකරුවන් සමඟින් 60 plus season 01 ආරම්භ වුණා. එසේ ආරම්භ කළ ගමනේ 6 වන අදියර මේ වන විට අවසානය දක්වා පැමිණ තිබෙනවා.

දෙරණ 60 plus අවසන් මහා තරගය ජූනි 01 වැනිදා

එහි අවසන් මහා තරගය ලබන ජුනි මස 01 වැනි ඉරිදා රාත්‍රී 7.30 සිට සජීවීව විකාශනය වෙනවා.

මේ අනුව ජුනි මස 01 දින ප්‍රාසාංගික අංග රැසක් සජීවීව නැරඹීමට අවස්ථාව ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට නිෂ්පාදන කණ්ඩායම මේ වන විට සියලු කටයුතු සූදානම්කොට අවසන්.

දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලයෙන් තෝරා පත්කරගන්නා විට ප්‍රේක්ෂක ඔබට පුළුවන් ජනප්‍රියම තරුව sms මඟින් තෝරාපත් කරගන්න.

දෙරණ 60 plus අවසන් මහා තරගය ජූනි 01 වැනිදා

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායනා හැකියාවන් රටට ඉදිරිපත් කරන්න TV දෙරණ ආරම්භ කළ 60 plus වැඩසටහන අනෙකුත් රියැලිටි වැඩසටහන් වලින් වෙනස් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගායන රියැලිටිය වීම නිසායි.

අවසන් මහා තරගයට තේරීපත්ව සිටින තරගකරුවන් තිදෙනා වන්නේ, පියල් කුමාර (මෝදර), කුලරත්න සිල්වා (රත්මලාන), සුමිත් ප්‍රේමසිරි (පානදුර). TV දෙරණ 60 plus නිෂ්පාදන කණ්ඩායම, විමුක්ති රොද්‍රිගෝ – ජේෂ්ඨ විධායක නිෂ්පාදක, ධනංජය සෙනෙවිරත්න – අධීක්ෂණ නිෂ්පාදක, හිමාෂා අලුත්ගේ නිෂ්පාදනය සහ ජනිත් ලක්රුවන් – සහය නිෂ්පාදනයෙන් දායක වෙනවා.

TV දෙරණ 60 plus සඳහා සංගීතය සපයන්නේ රොකී ප්‍රමුඛ අසෙනි සංගීත කණ්ඩායම.

වැඩසටහන් ඉදිරිපත් කිරීම පවිත්‍ර පෙරමුණිආරච්චි විසින් සිදුකරනු ලබනවා.

විනිශ්චය මණ්ඩලය සඳහා ප්‍රවීණ සංගීත වේදීන් වන විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ජානක වික්‍රමසිංහ, විශාරද සුබානි හර්ෂණී මුතුකුමාරණ සහභාගී වෙනවා.

TV දෙරණ 60 plus අවසන් මහා තරගය සඳහා තරගවදින උපාලි පුවත්පත් සමාගමේ සේවය කරන කුලරත්න සිල්වා තමන් මුහුණදෙන තරගය ගැන පැවැසුවේ මෙවැන්නක්.

මම මේ තරගයට එක වතාවක් ඉදිරිපත් වුණත් ඉදිරියට එන්න බැරි වුණා. දෙවැනි වතාවටත් ඉදිරිපත් වෙන්න හිතාගෙන මගේ යාළුවෙකුගෙන් ඇහුව කවදද පටන්ගන්නෙ කියල. ඔහු මට කිව්වෙ අද තමයි අවසන් දවස අදම එන්න කියල. මම ඒ මොහොතෙම නාවල ප්‍රදේශයේ අදාළ තැනට ගියා. එදා බොහෝ දෙනෙක් එතැනට ඇවිත් හිටියා. එහිදී සිදුකළ ඔඩිෂන් එකකදි විනිශ්චය මණ්ඩලය මට කිව්වෙ ඔයා සුදුසු මදි කියල. ඉන් පස්සෙ ඔවුන්ම මට යෝජනා කළා තවත් එකක් ගායනා කරන්න කියල. එවෙලෙ මම ‘සිරි සාර බුලත්විට’ කියන ගීතය ගායනා කළා. එහිදී එක විනිසුරු තුමෙක් කිව්වා. ඔය තියෙන්නෙ සිංදුනෙ, ඔයා ඒක හොඳින් ගායනා කළා කියල මාව දෙවැනි වටයට යෝජනා කළා.

පාසල් කාලයේ පටන් මම ගොඩක්ම ගායනා කළේ කවි. පළාත් තරගවලින් පවා ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනව. මගේ ගුරුවරයා සාහිත්‍යාචාර්ය පියසේන එස් ජයවීර. එතුමාත් කවිවලට බොහොම ලැදි කෙනෙක්. මගේ හැකියාවන් හඳුනාගෙන මෙවැනි තරග රාශියකට මාව ඉදිරිපත් කළා. ඒ කාලෙන් පස්සෙ මට දිගටම ඒ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.

මගේ තාත්තා රැකියාව කළේ තේ කම්හලක. අම්මා රැකියාවක් කළේ නැහැ. කාලයක් යද්දි තාත්තගෙ ඇස් දෙකම නොපෙනී ගියා. ඒ කාලෙ වෙනකොට මට වයස අවුරුදු හතරයි. රැකියාවෙන් ඉවත්වෙන්න සිදු වුණාට පස්සෙ තාත්තට ලැබුණ සුළු විශ්‍රාම වැටුපකින් තමයි අපිට ජීවත් වෙන්න සිදු වුණේ.

මම විවාහකයි. දුවල දෙන්නෙක් ඉන්නව. මුලින් රැකියාව කළේ රජයේ මුද්‍රණාලයේ. ඒ කාලෙ බන්දුල සපරමාදු කියල සංදර්ශන පවත්වන කෙනෙක් මට හඳුනාගන්න ලැබුණා.

ඔහුගේ නිවසට මිල්ටන් පෙරේරා, ජෝතිපාල වගේ ජනප්‍රිය ගායන ශිල්පීන් එනව. ඔහු අවුරුද්දක් පාසා විහාරමහාදේවී උද්‍යානයේ විනෝද මේලා කියල සංදර්ශනයක් පවත්වනව. මමත් සපරමාදුගෙ නිවසට යන එන අතර තමයි මිල්ටන් පෙරේරා මහත්මයාව හඳුනාගන්න ලැබෙන්නෙ. ඔහු ගීත ගායනා කරද්දි මම අහගෙන ඉන්නව. මම ගොඩක්ම ආසා කළෙත් එතුමාගේ ගීතවලට. මේ ඇසුර නිසා අපි බොහොම හිතවත් වුණා. ඔය අතර මට යාළුවො එහෙම කිව්වා ඔයාගෙ කටහඬත් මිල්ටන් පෙරේරාගෙ වගේනෙ, ගීත ගායනා කරන්න කියල. ඒ ඉල්ලීම් අනුව තමයි මම ගීත ගායනයට යොමු වෙන්නෙ. නමුත් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයට යොමු වෙන්න මට අවස්ථාව ලැබුණෙ නැහැ.

මම උපාලි පුවත්පත් සමාගමේ සේවයට ඇවිත් දැනට අවුරුදු දොළහක් විතර වෙනව. එහි සභාපතිතුමිය, කළමනාකාර අධ්‍යක්‍ෂතුමා සහ සන්නාම කළමනාකාරිණී කරිෂ්මා

වෙල්ගම මෙනවිය වගේම නිලධාරී මණ්ඩලය සහ සහෝදර සේවක සේවිකාවන්ගෙනුත් ඉතාමත් හොඳ සහයෝගයක් මට ලැබෙනව.

දෙරණ සික්ස්ටි ප්ලස් වැඩසටහනේ මමත් සමග තරග කරන අනෙක් තරගකරුවන් දෙදෙනාත් දක්‍ෂ අය. අවසන් මහා තරගයේදී හොඳ තරගයක් තියෙයි කියල විශ්වාස කරනව.


advertistmentadvertistment