ධීවර කර්මාන්තයේ නිරත වන ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්‍ෂණාවරණයක් හඳුන්වා දී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පවසයි.
1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ මගින් ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම මණ්ඩලයට පවරා ඇති නෛතික බලතල යටතේ ධීවර ප්‍රජාව සඳහා වාර්ෂිකව සක්‍රීය කළ හැකි පරිදි මෙම හදිසි රක්‍ෂණාවරණය ක්‍රියාත්මක කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මේ වන විටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර හා කෘෂිකර්මාන්තයට අදාළ ක්‍ෂේත්‍ර සඳහා රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ධීවර ජනතාව වෙනුවෙන්ම සුවිශේෂ වූ මෙම රක්‍ෂණ ක්‍රමවේදය මණ්ඩලය මගින් හඳුන්වාදුන් නවතම රක්‍ෂණ යෝජනා ක්‍රමය වේ.
ධර්මසේන වැලිපිටිය