නවදිල්ලියට ඇදහැළුණු තද වැසි හේතුවෙන් 4ක් මරුට

119

ඉන්දියාවේ නවදිල්ලි නගරයට ඊයේ (02) බලපෑ අධික වර්ෂාව හා අකුණු හේතුවෙන් පුද්ගලයන් 4 දෙනකු මියගොස් ඇති අතර නවදිල්ලි ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 200ක් පමණ පැමිණීම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ළමුන් තිදෙනකු හා කාන්තාවක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය බලධාරීන්ට අනුව නවදිල්ලි නගරයේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ දිනයේ ළඟා වීමට නියමිතව තිබූ ඇතැම් ගුවන් යානා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අහමදාබාද් හා ජායිපුර් ගුවන් තොටුපළවල් වෙත හරවා යවා තිබිණි. මේ අතර අධික වර්ෂාවත් සමග හමා ගිය තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නවදිල්ලි නගරයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15-20 අතර සංඛ්‍යාවක් ඊයේ දිනයේ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.


advertistmentadvertistment