නව පොලිස්පති පත් කරන වෙලාව අගමැති පවසයි

1394


ජනාධිපතිවරයාට ඇති බලතල අනුව පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් ඉදිරි පැය ගණනාව තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාඅද පාර්ලිමේන්තුවේදී පැවසිය. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට විශාල කලබලයක් තිබුණද
අද වනතුරු ඇතැම් කොමිසන් සභා පත් කිරීම සම්පූර්ණ වී නොමැතිවීමත් අති බරපතල ප්‍රශ්නයක් බව පැවසූ අග්‍රාමාතයවරයා එය කාගේත් වගකීම බවද පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරු අද පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.


advertistmentadvertistment