තමා නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටියේ තනිවම යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් නගන චෝදනාව ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් අස්වන බවත් වසන්ත සමරසිංහ මහතාට එය ඔප්පු කිරීමට නොහැකිවුවහොත් ඒ මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්විය යුතු යැයි නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එහිදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පැවසූවේ ඊට අදාල වීඩියෝ සහ සාක්ෂි ඇති බවය.නාමල් රාජපක්ෂ මහතා සමග තවත් අපේක්ෂකයින් එම විභාගයට පෙනීසිටියේනම් ඒ අය කවුරුන්දැයි කියා ප්‍රකාශ කරන ලෙසත් අමාත්‍යවරයා කීවේය.
|