රනිල් රට ගන්න කොට මීටත් වටා වැටිලා තිබුණා; ඒත් රට ගොඩගත්තා – එජාප සභාපති වජිර අබේවර්ධන

134

2015 වසරේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට භාරගන්නා විට රටේ සමස්ත ආර්ථිකය අද මෙන් කඩා වැටී තිබුණද ඊට සාර්ථකව මුහුණ දෙමින් ගෑස්, ඉන්ධන ඇතුළු බඩු මිල අඩු කර සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000 කින් ඉහළ දැමූ බවත් වත්මන් ආණ්ඩුවට එවැනි හැකියාවක් නොමැතිකම නිසා අද වනවිට සියලූ භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්කර තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවට නිසි දේශීය හා විදේශීය ප‍්‍රතිපත්තියක් නොමැතිකම නිසා විනාශකර තිබෙන මේ රට නැවත ගොඩගෙන ජනතාවට යහපත් අනාගතයක් උදාකර දිය හැක්කේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකට බව හෙතෙම සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳව හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ එජාප ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති රැුස්වීමකදීය. එජාප ප‍්‍රතිසංවිධාන තොරතුරු රැුස් කිරීමේ පත‍්‍රිකාද මෙහිදී ක‍්‍රියාකාරීන් වෙත පිරිනැමිනි.

හින්දුම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සුනිල් සේනානායක මහතාගේ පක්‍ෂ කාර්යාලයේ පැවැති මෙම ක‍්‍රියාකාරී හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

අද වනවිට මහජනයා උත්සහ කරන්නේ ජීවත් වෙන්නෙ කොහොමද කියලා. පහුගිය කාලය තුළ පරිපාලනයේ තිබුණු දුර්වලතාවය නිසා කොරෝනා වසංගතය පැමිණියම නිසියාකාරව ආර්ථිකය හසුරුවගන්න අපොහොසත් වුණා. ඒ වගේම කොරෝනා පාලනය කිරීම සඳහා ගතයුතු නියමිත තීන්දු තීරණ අදාළ සෞඛ්‍ය අංශ විසින් නොගැනීම නිසා තවත් බරපතළ ඛේදවාචකයක් ඇතිවුණා.

රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබියදී පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා. පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමට පෙර රටේ ඡුන්ද දායකයන් ඡුන්දපළට ගෙනයා හැකි ක‍්‍රමවේදයක් රට තුළ තිබෙනවාද කියා අපි බැලිය යුතුයි.

අද ප‍්‍රමුඛ කාර්ය විය යුත්තේ මේ රටේ ජනතාවට ජීවත් වීමේ ක‍්‍රමවේදයක් ඇතිකර දීමයි. ඡුන්දයට කලින් ජනතාවට ආහාර පාන ලබාගැනීමට හැකි නිසි වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි.

මේ ආණ්ඩුවේ ආකාර්යක්ෂම ක‍්‍රියාපිළිවෙත නිසා අද වනවිට රටේ සම්පූර්ණයෙන්ම කෘෂිකර්මාන්තය කඩාගෙන වැටී තිබෙනවා. මේ හිනිදුම ප‍්‍රදේශය ගත්තම තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා තේ කර්මාන්තයට සිදුවෙන හානිය දීර්ඝකාලීන හානියක් බවට පරිවර්තනය වෙනවා.

මම විෂය භාර ඇමැතිවරයා හැටියට ගාල්ල දිස්ති‍්‍රක්කයේ වැකුණුගොඩ තවත් කාබනික පොහොර මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මේ එකකටවත් අපි පිටරටින්, මුදල් ගත්තේ නැහැ. මහා භාණ්ඩාගාරයේ සල්ලිවලින් ලක්‍ෂ 5000 කට ආසන්න මුදලක් වැය කරලා ජපානයේ කවෂිමා තාක්‍ෂණය උපයෝගී කරගෙන තමයි මේ කාබනික පොහොර නිෂ්පාදනය සිදු කළේ. ගාල්ලේ වැකුණගොඩ කාබනික පොහොර මධ්‍යස්ථානයත් හෙට අනිද්දට විවෘත කරන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කාබනික පොහොර මධ්‍යස්ථාන අපි විවෘත කරලා තිබෙනවා. නමුත් ඒවයින් බැහැ රටේ පොහොර ප‍්‍රශ්නය විසඳන්න.

චමින්ද සිල්වා සහ හිනිඳුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment