නාවික හමුදා රෝහලේ රථ ගාලේ තිබූ කැබ්රිය පන්නා විකිණූ දෙදෙනා වසර 14ක් හිරේ

452

ලක්ෂ 47 බැගින් දඩයකුත්

කොළඹ නාවික හමුදා රෝහල් භූමියේ නවතා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමක් සහිත කැබ් රථයක් රෝහල් භූමියෙන් පිටතට ගෙන ගොස් අලෙවි කළේ යැයි කියන විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර 14 බැගින් සිර දඬුවම් නියම කළේය.

එයට අමතරව එකී විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්‍ෂ 47 බැගින් දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් මාස හය බැගින් වූ අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය.

බන්දුල හරිශ්චන්ද්‍ර දිසානායක හා චින්තක කුමාර නමැති විත්තිකරුවන් දෙදෙනාට එලෙස සිර දඬුවම් හා දඩ නියම කෙරිණි. 2007.02.14 දින හෝ ඊට ආසන්න දිනකදී එකී වරද සිදුකිරීම ඇතුළු අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබූ අතර තෙවන විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment