දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ගුවන් හමුදා සෙබලකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අනුර කොස්තා නම් 46 හැවිරිදි අයෙකි.
සැකකරුවන් සමග වෙඩි තැබීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් පතරොම් හයක් මෙන්ම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියද කොටස් කර තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තා සහ අසන්ත කුමාර නොහොත් ලැටා යන පුද්ගලයන් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.