නැවැත්වූ ලොරියේ පිටුපස වෑන් රිය ගැටී දුටුවැව ධම්මදින්න හිමියෝ අපවත් වෙති

10321

මරදන්කඩවල වළගම්බාහුව ප්‍රදේශයේදී පෙරේදා (20 දා) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් හැටහත් හැවිරිදි හිමිනමක් අපවත් වූහ. ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයේ පිහිටි ධම්මදින්නාරාමයේ විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය දුටුවැව ධම්මදින්න හිමියෝ මෙසේ අපවත් වූහ. පෙරේදා (20 දා) පස්වරු 12.35ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි හිමිනම ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

අපවත් වූ හිමිනම කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට වෑන් රථයකින් ගමන්කොට ඇති අතර ඉදිරිපසින් ධාවනය කළ ලොරි රථයක් දහයියාගම හන්දියේදී නතරකොට එහි රියැදුරු සහ සහායකයා ඉන් බිමට බසිමින් සිටියදී පසුපසින් ධාවනය කළ වෑන් රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගත නොහැකි වීමෙන් ලොරියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් වෑන් රියේ රියැදුරුට තුවාල සිදුවී නොමැති අතර ඔහු මරදන්කඩවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථයේ රියැදුරු ඊයේ කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු


advertistmentadvertistment