රත්මලාන – පලාලි ගුවන් ගමන් ඇරඹෙයි

190

ගමන පැයයි විනාඩි දහයයි එක් අයකුට රුපියල් 22,000 යි

රත්මලාන ගුවන් තොටුපලේ සිට යාපනය පලාලි ගුවන් තොටුපළ දක්වා ගුවන් ගමන් ඉකුත් 01 දා සිට ආරම්භ වූ බව ගුවන්තොටුපළ බලධාරීහු පවසති.

ඒ අනුව කොළඹ සිට පැය එකයි මිනිත්තු දහයකින් පමණ යාපනයට ළඟා විය හැකි අතර මෙය සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දිනවල ක්‍රියාත්මක වේ.

මෙහිදී එක් මගියෙකුට එක් ගමන් වාරයක් සඳහා රුපියල් 22000 ක මුදලක් අය කරනු ලබන අතර යෑමට හා ඒමට රුපියල් 41000 ක මුදලක් අයකරනු ලබන බව ද ගුවන්තොටුපළ බලධාරීහු පවසති. එහිදී එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 07 පමණ බරක් ගුවන් යානයේ රැගෙන යා හැකි බව ද පැවසේ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment