නිල්ලඹ ඔයේ සැඩ පහරට හසුව අතුරුදන් මව සහ දියණියගේ සිරුරු තවමත් හමුවී නැහැ

238

ගම්පොල නිල්ලඹ ඔයේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුව අතුරුදන් වූ විසි හැවිරිදි මවගේ හා ඇගේ කුඩා දියණියගේ සිරුරු දින දෙකක් පුරා මෙහෙයුම් සිදුකළ ද සොයා ගැනීමට නොහැකි වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහනුවර මහයියාව පූර්ණ වත්තේ පදිංචි එකම පවුලේ මව පියා දියණිය හා ඥාති සහෝදරයන් දෙදෙනකුගෙන් සමන්විත පස් දෙනෙකු මෙම ඔයේ දිය නෑමට පැමිණ තිබුණේ පසුගිය ඉරිදා සවස් වරුවේය.

මොවුන් දියනාමින් සිටියදී නිල්ලඹ විදුලි බලාගාරයේ වාන් දොරටුවක් ඇරීම නිසා මෙම පස්දෙනාම සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පැවසේ.

එහිදී ප‍්‍රදේශවාසීන් විසින් ජල පහරේ ගිලී සිටි තිදෙනකු බේරා ගනු ලැබුව ද ඉන් එක් අයෙකු මියගොස් සිටියේය.

අනෙකුත් දෙදෙනා ගම්පොල රෝහලට ඇතුළත් කොට තිබුණි.

එම අවස්ථාවේ දියේ ගසාගෙන ගිය විසි හැවිරිදි පාතිමා අස්නා හා ඇගේ අවුරුදු දෙකහමාරක් වූ පාතිමා හාලියා ඊයේ සවස් වරුව වන විටත් සොයාගත නොහැකිව තිබුණි.

මෙම අනතුරෙන් විසි දෙහැවිරිදි තරුණයකු මියගොස් තිබූ අතර ඔහු ඊයේ 7 දින විදෙස් ගතවීමට නියමිතව තිබූ බවද ඥාතීහු පවසති.

සිද්ධියෙන් අතුරුදන් වූ කාන්තාවගේ සැමියා හා විසි හැවිරිදි තවත් තරුණයකු බේරී ඇත.

පොලිසිය,නාවික හමුදා කිමිදුම් අංශය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම දෙදෙනා තවදුරටත් සොයමින් සිටිති.

ගම්පොළ -සුරංග දිල්හාන්


advertistmentadvertistment