පැයක පමණ මෙහෙයුමකින් නිරුපද්‍රිතව ඉවතට
බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක් අසල වූ බැම්මක් අවහිරවන ලෙස වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටි පුද්ගලයකු උදෑසන එම පස් කන්දට යටවී අනතුරට ලක්ව සිටි අතර ප්‍රදේශවාසීන්, පොලිසිය, ගිනි නිවීම් ඒකකය, බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව ඔහු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. පසුව එම පුද්ගලයා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් පෙරවරුවේ ප්‍රදේශයේ නිවසක් අසල තිබූ පැති බැම්මක් අවහිර වන ලෙස කඩා වැටී තිබූ පස් කන්දක් ඉවත් කොට එය පිළිසකර කිරීමට යෑමේදී මෙම අනතුරට ලක්ව ඇත. කෙසේ වෙතත් සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් හා සහායක කණ්ඩායම් පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව එම පුද්ගලයා නිරුපද්‍රිතව ඉවතට ගැනීමට කටයුතු කර ඇත.
පස්වලට යට වී ගොඩ ගත් පුද්ගලයා ඒ මොහොතේම බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව අප කළ විමසුමකට පිළිතුරු දුන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පැවසීය.
කන්දකැටිය – ජී. චතුරංග