නිළි රැජන මාලිනිට එල්ල කළ චෝදනාව ඉවත්කරගෙන සාධාරණයක් කරන්න – නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර

207

හෙළයේ අග්‍රගණ්‍ය නිළි රැජන මාලිනි ෆොන්සේකාට ප්‍රතිකාර සඳහා ශල්‍යකර්මය සිදුකළ රෝහලට ජනාධිපති අරමුදලෙන් එදා මුදලක් ශල්‍යකර්මය සිදුකළ රෝහලට මුදාහැරීමේ සිද්ධිය, ඇය මුදලක් අවභාවිත කිරීමක් ලෙසට සිදුකරන පරීක්‍ෂණයකින් රජය විසින් ඇය සම්පූර්ණයෙන්ම නිර්දෝෂි කිරීම, එතුමියට ඉටු කරන ලොකුම සාධාරණය බව නව ජනතා පෙරමුණේ සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

නව ජනතා පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට මහරගම හිටපු නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් හා දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

එහිදී පක්‍ෂනායක සුගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඇත්තටම අපේ රටේ බිහිවෙච්ච කෘතහස්ත කලාකාරිනියක් වෙච්ච, දශක හයක් අපේ රට කලාවෙන් පෝෂණය කරපු ආචාර්ය මාලිනි ෆොන්සේකා මහත්මිය කලාකාරිනියක් විදිහට දශක හයක් මේ රටට මහත් සේවයක් කළා. හැබැයි දැඩි ආර්ථික අපහසුතා මැද හිටියේ. එය එදා ජනාධිපතිතුමාගේ තනි කැමැත්තට සිදුුවූ දෙයක් නොවේ. 2022 ඔක්තෝබර් 24 වැනිදා ශල්‍යකර්මයක් සඳහා එම ආපු අයදුම්පත්‍ර ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් 2023 මැයි දෙවැනිදා අනුමත කරලා තියෙනවා. ජනාධිපති අරමුදලට එන හැම අයදුම්පතක්ම ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් සාකච්ඡා කරලා සම්මත කරලා තමයි ඒ ගෙවීම් අනුමත කරන්නෙ. නලින්ද ජයතිස්ස මහත්තයා හිතන් ඇති මේ මුදල් ඒ අයදුම්කරුගේ හෝ අයදුම්කාරියගේ අතට යනවා කියලා. මේ මාලිනී ෆොන්සේකා මහත්මිය අයදුම් කරපු මුදල ගෙව්වේ එතුමියගේ අතට නෙමෙයි එම ශල්‍යකර්මය සිදු කරපු රොහලට තමයි මුදල් ගෙව්වේ.

මේ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ උඩින්ම සභාපතිත්වය දරන්නේ අදාළ කාලයේ ජනාධිපතිවරයා. ඒ තුළ අග්‍රාමාත්‍යවරයාත්, විපක්‍ෂ නායකවරයාත්, කථානායකවරයාත්, ජනාධිපති ලේකම්වරයාත්, ගණකාධිකාරිවරයාත් ඉන්නවා.

මේ වැඩේ හින්දා කොච්චර බැරි වුණත් මීට පස්සෙ කිසිම කලාකරුවෙක්, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, මාධ්‍යවේදියෙක්, කිසිම කෙනෙක් ජනාධිපති අරමුදලෙන් තඹ දොයිතුවක්වත් ඉල්ලන්න ඉදිරිපත් වෙන්නේ නෑ.

මෑතකදී සිදුවූ විශාලතම වංචාව තමයි රේගුවේ බහාලුම් 323ක් කිසිම පරීක්‍ෂාවකින් තොරව මුදාහැරීම. ඒ ගැන කතා නැහැ.


advertistmentadvertistment