‘නූතන මනමේ’ මංගල දැක්ම 15 වැනිදා

21

මහාචාර්ය සාගර කරුණාතිලකයන්ගේ සාඩම්බර නිෂ්පාදනයක් වන ජනාධිපති සම්මානලාභි, යෞවන සම්මාන දිනූ කීර්ති බණ්ඩාරයන්ගේ 53 වැනි වේදිකා නිර්මාණය “නූතන මනමේ මංගල දැක්ම” 2025 මාර්තු මස 15 වැනි සෙනසුරාදා පස්වරු 3.30 සිට 6.45 දක්වා මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ.

කීර්ති බණ්ඩාර සමග චින්තක පතිරණ, අනුර වීරසිංහ, අරවින්ද පෙරේරා, හෂිනි කුමාරි, ඉසුරු සඳුන්, ඇන්ටන් වේවැල්දෙණිය, නලින් මදුරප්පෙරුම, ලක්රුවන් පුෂ්පකුමාර, ජීවන සිල්වා, මධු පෙරේරා, අජිත් කුමාර නුගවෙල, අනිල් කුමාර, සංජීවනි පෙරේරා, ශ්‍යාමලි ධම්මිකා, වාසනා සඳමාලි, සෞම්‍යා ප්‍රියංගනී රඟපාති.

සංගීතය – නෙල්සන් ධර්‍මසේන, ශබ්ද පරිපාලනය – මංජුල ධර්‍මප්‍රිය, විදුලි ආලෝකය – ධනුෂ්ක (ටවර් රඟහල), අංග රචනය සහ නර්තන පුහුණුව – අරවින්ද පෙරේරා.


advertistmentadvertistment