මේෂ – රැකියා ස්ථාන මාරු වීම්
මෙම සතිය මේෂ ලග්න හිමියන්හට කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. එහෙත් වියදම් වැඩි වනු ඇත. රැකී රක්ෂාවල වෙනස්වීමක් පෙන්නුම් කරනු ඇත. ස්ථාන මාරුවක් ඇතිවේ. සති අග කම්මැලිකම රජකරවනු ඇත. කරන කියන දේ පාඩුව ඇතිවීමට සිදුවේ. නොගැළපෙන දේ කිරීමෙන් වළකින්න. එය තමාට අවාසිදායක වනු ඇත. ආම්ලිකතාවෙන් පීඩා විඳීමට ඉඩ පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් වනු ඇත. මනා සිහි බුද්ධියකින් යුතුව කටයුතු කිරීමෙන් සතිය ශුභ කර ගැනීමට හැකිවනු ඇත. පදිංචි ස්ථානයේ යම් වෙනසක් පෙන්නුම් කරන සතියක් වනු ඇත. හිතැති අය වෙන් වීම තරමක් සිතට පීඩිත වනු ඇත. දෛනික කටයුතුවලට බාධා පැමිණියත් කාර්යබහුලත්වය නිසා එය ඔබට දැනෙන්නේ නැත. හැකි සෑමවිට ම ආගම දහමට නැඹුරු වීම යහපත් වනු ඇත.
ශුභ දවස – බදාදා/ ශුභ අංකය – 4
වෘෂභ – නීතිමය ගැටලු
මෙම සතියේ වෘෂභ ලග්න හිමියන් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම වැදගත් වනු ඇත . පාඩු ඇතිවීමට හේතු වේ. නීති මාර්ගවල පෙනී සිටීමට සිදුවනු ඇත. නඩුව ඇත්නම් පැරදේ. කරන කියන දෙයින් පීඩාකාරී තත්ත්වයක් උදා වනු ඇත. ශරීර සෞඛ්‍යයට ද යහපත් නොවෙනු ඇත. අධ්‍යාපනයට බාධා. මෙම සතිය වෘෂභ ලග්න හිමියන් ආගම දහමට නැඹුරුව කටයුතු කිරීම යහපති. නිතර කට වචනය ප්‍රවේසම් කර ගැනීමෙන් සිදුවිය හැකි පාඩු වළක්වා ගතහැක. කෙසේ වෙතත් ආගම දහමට නැඹුරුවීමෙන් මෙම ප්‍රතිඵල වෙනස්වීම සිදුවේ. ගෘහ ජීවිතයේ සමගියට බාධා ඇතිවන සතියක් වනු ඇත. කරන කියන දේ නොපිටට හැරේ. කියන කරන දේ ගැන සැලකිලිමත් වියයුතුය. මෙම සතිය නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම යහපත් වනු ඇත. නිධන්ගත රෝග ඇත්නම් ප්‍රවේශම් වීම යහපත් වනු ඇත. ඌෂ්ණාධික රෝග ඇතිවීමට හේතුවන සතියක් වේ.
ශුභ දවස -සිකුරාදා/ශුභ අංකය -1
මිථුන – පිනට දහමට ලැදි වේ
පිනට දහමට ලැදිව කටයුතු කරන මිථුන ලග්න හිමියන්ට මෙම සතියේ ශුභවේ. මහා පින්කම්වලට සහභාගී වේ. සිතට සතුට ගෙනදෙයි. අන් අයට උදව් උපකාර කිරීමට වරම් ලැබෙන සතියක් වේ. නීතිගරුක වනු ඇත. කාගෙත් ආදරය, කරුණාව ලබනු ඇත. සැලකිය යුතු උගුර අමාරුවක් ඇතිවීමට ඉඩ ඇත. මෙම සතිය පිනට දහමට වෙන්කරන කාලයක්. ව්‍යාපාරවලට ගෘහයට යහපත් වනු ඇත. දරුවන්ගේ දියුණුව ලබන සතියක් වේ. තමාගේ දියුණුවට පවා ආධාර උපකාර ලැබෙන සතියක් වෙනු ඇත. තමාට හිතැති පුද්ගලයන් ලැබෙන සතියක් වේ. කාගෙත් සිත් ඇදගන්නාසුලු චරිතයක් වනු ඇත. හොඳ ඇඳුම් පැලඳුම් යාන වාහන පහසුවෙන් ලැබෙන සතියක් වනු ඇත. රැකී රක්ෂාවලට බාධා තිබුණේනම් එම බාධා ඉවත්වන සතියක් වනු ඇත. මංගල සතියකි. විවාහ වන වයසේ සිටින අයට මෙම සතිය විවාහ ස්ථිර කර ගැනීමට ශුභ වන සතියක් වනු ඇත. සැලකිය යුතුයි සෙම් රෝග උස්සන්න වීමට ඉඩ ඇති බැවින් ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් වීම යහපති.
ශුභ දවස -සෙනසුරාදා/ ශුභ අංකය -3
කටක – හදිසි ගමන් බිමන්
කටක ලග්න හිමියන්හට මෙම සතිය ආදායමට වඩා වියදම වැඩිවේ. හදිසි ගමන් බිමන්වලට හේතුවන සතියක් වනු ඇත. කරන කියන දෙයින් වියදම් වැඩි වන කාලයක් වනු ඇත. අනවශ්‍ය වියදම්වලට හේතු වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. සති මැද සුබයි. අලුත් දේ සිතයි! දියුණුවට අත හිත ලැබෙනු ඇත. කරන කියන දෙයින් ලාභ ලැබෙනු ඇත. තමාට හිමි දේ ලැබෙන කාලයක් වේ. දූ දරුවන්ගේ දියුණුව පෙන්වනු ඇතැයි සිතට සැපත සතුට සන්තෝෂය ලැබෙනු ඇත. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිත් දේනම් සති මැද ශුභ වනු ඇත. පෙර පින් ඵල දෙන සතියක් වෙයි. කරන සියල්ල තමාගේ වාසියට හරවා ගැනීම තමා සතුවෙයි. සතිය ශුභවීමට බුද්ධිමත් ලෙස කටයුතු කිරීම තමන් සතු වන නිසා නිතර බුද්ධියට තැන දීම යහපති.
ශුභ දවස බ්‍රහස්පතින්දා/ශුභ අංකය 5
සිංහ – ඥානය දියුණුවේ
කල්පනාකාරී වැඩකටයුතු කරන සතියක් වනු ඇත. කරන කියන දෙයින් ලාබ ලැබේ. බුද්ධිමත් තීරණවලට හේතු වන සතියක් වේ. සෙම් රෝග බහුල වන සතියක් වන නිසා ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. දරුවන් ගැන සිතයි. නැති නෑදෑයෝ ඇති වේ. ගමන්බිමන් වැඩිවීමක් පෙන්නුම් කරනු ඇත. මෙම සතිය වියදම තරමක් වැඩි වේ. හවුල් ව්‍යාපාරවලට හෝ ස්වයං ව්‍යාපාරවලට සිත් දේ. උණු ජලයෙන් ප්‍රවේශම් වන්න. සතිය ශුභ අශුභ ප්‍රතිඵල මිශ්‍ර වනු ඇත. පෙර පින ඵල දෙන සතියක් වන නිසා කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. දියුණුවීමට හැකිවන සතියක් වනු ඇත. ඔබේ දියුණුවට අත හිත ලැබෙන අයගේ ආශ්‍රය ලැබෙනු ඇත. මෙම සතිය විවාහ සහකරු සහකාරියගේ අදහස් ගැළපෙනු ඇත. දියුණුව උදෙසා කැපවීම උත්සාහය ඇතිවන සතියක් වනු ඇත. රැකී රක්ෂා බාධා තිබුණේ නම් එම බාධා ඉවත්වන සතියක් වනු ඇත. සතිය ශුභවේ.
ශුභ දවස -සඳුදා/ශුභ අංකය 2
කන්‍යා – උත්සාහය නියත ජය
මෙම සතිය කන්‍යා ලග්න හිමියන්ට තරමක් අයහපත් වනු ඇත. මානසික සුවය අඩුවේ. පීඩිත වේ. මුදල් ගනුදෙනුවලින් ප්‍රවේසම් වන්න. ගනුදෙනුවලින් පාඩු ඇතිවීමට ඉඩ ඇත. ගමන් බිමන් අධික වනු ඇත. ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර ලැබෙන සතියක් වේ. ආදායමට වඩා වියදමට කරුණු ගෙන දෙනු ඇත. විවාහයට ගැටලු මතුවෙන සතියක් වේ. සෙම් රෝග බහුලව වියහැක. තමාව විශ්වාසය කොට සතිය ජයගැනීමට උත්සාහ කිරීම යහපත් වනු ඇත. කෙසේ වෙතත් ගනුදෙනුවලදී ඉතාමත් ප්‍රවේසම් වීම වැදගත් වේ. නව කටයුතුවලට මුදල් යෙදීමට සුදුසු නැත. ඔබ බුද්ධියෙන් තීන්දු තීරණ ගැනීමෙන් බොහෝ අශුභ ප්‍රතිඵල වළක්වා ගැනීමට හැකි වනු ඇත. අන් අය විශ්වාසය නොකොට තමා ගැන පමණක් විශ්වාසය කිරීමෙන් මෙම සතිය සාර්ථක ලෙස ජය ගැනීමට ඔබට හැකිවනු ඇත. නිතර සිතට ආවේගය පැමිණීමට ඉඩ පවතිනු ඇත. එය තමාටම පාලනය කර ගැනීමට හැකි බොහෝ පාඩු වළක්වා ගතහැකි වනු ඇත.
ශුභ දවස- බදාදා/ශුභ අංකය -7
තුලා – අධ්‍යාපනයේ දියුණුව
පොත්පත්වලට ශාස්ත්‍රීය කටයුතුවලට රසායනික විද්‍යාවට සුබ සතියකි. සිතින් කයෙන් දෙකින්ම කඩිසරවන සතියක් වේ. ඇවිදිලි අධික විය හැක. කපටි නුවණක් ඉස්මතු වෙයි. උසස් ගතිගුණ ඇති පුද්ගලයන් ආශ්‍රයට ලැබෙනු ඇත. ධනයෝග පවතී. මංගල යෝග ඇතිවේ. උසස් වේ. රැකී රක්ෂා බාධා ඉවත් වේ. දියුණුවට මඟ පෑදෙනු ඇත. උෂ්ණ රෝගවලට හේතුවේ. තුලා ලග්නයට යහපත් වන සතියක් වේ. අධ්‍යාපනයට තරමක් බාධා ඇති වන සතියකි. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන සතියක් වනු ඇත. කරන කියන දෙයින් ලාභ ලැබීමට හේතුවන සතියක් වනු ඇත. ඇවිදිලි අධික වන සතියක් වනු ඇත. ඔබේ ජන්ම කේන්ද්‍රයේ පවතින මහ දශාව අන්තර්දාශාව යහපත්නම් ඔබට හදිසි ධන ලාභ වලට හේතු වේ.
ශුභ දවස බ්‍රහස්පතින්දා/ශුභ අංකය -1
වෘශ්චික – සිතට ආවේගශීලි අදහස්
මෙම සතිය මුරණ්ඩු වැඩ කරන සතියක්වේ. තරහ ඇතිවන සතියක් වනු ඇත. ඉක්මන් තීරණවලට හේතුවෙන් අන් අය මත පිළිනොගන්නා අතර තරහ වැඩිවන සතියක් වනු ඇත. මෙම සතිය සුරාසූදුවට සිත් දෙන සතියකි. ගනුදෙනු යහපත් නොවේ. රැවටීම් ඇතිවීමට හේතුවේ. මෙම සතිය ප්‍රවේසම් වීමත් වැදගත් වනු ඇත. ගෘහය ආශ්‍රිත ගැටලු ඇතිවීමට ඉඩ පවතී. ආමාශගත රෝග ඇතිවීමට බලපායි. ආදායමට වඩා වියදම් කරන්නට කරුණු පැමිණේ. හිතට තද කරදර සතියක් වනු ඇත. නෑයෝ මිත්‍රයෝ විරුද්ධ වන සතියක් වනු ඇත. පොත්පත් කටයුතුවලට මෙම සතිය යහපත් වනු ඇත. ඔබේ සිත පාලනය කර ගැනීමට නිතර පොත පතට යොමු වීම යහපත් වනු ඇත. ලිය කියවිලි වැඩ අධික වන සතියක් වේ.
ශුභ දවස සිකුරාදා/ශුභ අංකය 4
ධනු – රැකියාවේ වෙනසක්
මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර ප්‍රතිඵල දෙනු ඇත. රැකී රක්ෂා මාරුවීමක් පෙන්නුම් කරේ. නැත්නම් රැකියා කරන ස්ථානයේ උසස් වීමක් ලැබෙනු ඇත. ව්‍යාපාරයන් ඇරඹීමට හෝ තිබෙන ව්‍යාපාරය දියුණු කර ගැනීමට හැකිවන සතියක් වනු ඇත. ගෙදර වාසයට ප්‍රිය කරයි. ශරීර සෞඛ්‍යයට තරමත් යහපත් නොවනු ඇත. ස්ත්‍රී පක්ෂයක් වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. දැරීමේ ශක්තිය අඩුවන සතියකි. දරුවන් ගැන සිතයි. දරුවන්ගේ දියුණුව උදෙසා තීන්දු තීරණ ගන්නා සතියක් වනු ඇත. නිවසේ අලුත් වැඩියාවන්වලට හේතුවේ. මෙම සතිය විවාහ නොවුණු අයට මංගල යෝජනා පැමිණෙනු ඇත. අධ්‍යාපනය කරන දරුවන්ට බාධා ඇති වේ. මෙම සතිය ශරීර සෞඛ්‍යයට තරමක් බාධා ඇතිවන සතියක් වනු ඇත.
ශුභ දවස සඳුදා/ශුභ අංකය 2
මකර – අධ්‍යාපනයට බාධා
මෙම සතිය ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දේ. රැකී රක්ෂා මාරුවීමක් ස්ථාන මාරුවීමක් ඇතිවීමට බලපානු ඇත. මුදල් නාස්තියක් පෙන්නුම් කෙරේ. ඉක්මන් කෝපය සුදුසු නැත නිරතුරුවම කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීම යහපත් වෙනු ඇත. නැතිනම් තමාට අවාසි දායක වනු ඇත. සෙම් රෝග ඇතිවීමට බලපානු ඇත. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් නොවන සතියකි. සති මැද නැති නෑදෑයෝ ඇතිවීමට හේතුවේ. කරන කියන දේ බුද්ධිමත්ව තීරණය ගැනීමෙන් සතිය යහපත් කර ගැනීමට හැකිවේ. සති මැද වනවිට මෙම තත්ත්වයත් වෙනස් වනු ඇත. අධ්‍යාපනයේ නව පෙරළියක් ඇතිවනු ඇත. පොතපත කෙරෙහි ආශා ඇතිවීම සිදුවේ.
ශුභ දවස සිකුරාදා/ශුභ අංකය 3
කුම්භ – තනතුරු නම්බුනාම ලැබීම
කුම්භ ලග්න හිමියන්හට මෙම සතිය ඉතා යහපත් වේ. කරන කියන රැකී රක්ෂාවල දියුණුව තනතුරුවල උසස් වීම නම්බුනාම ලැබීම ඇතිවේ. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අතර තම රැකියා කරන ස්ථානයේ කැපීපෙනෙන චරිතයක් වීමට ඔබට හැකිවන සතියක් වේ. වෙළෙඳ ව්‍යාපාර දියුණුව ඇති වේ. ව්‍යාපාර අලුත්වැඩියාවක් කිරීම හෝ මුදල් යෙදවීමට යහපත් සතියක් වනු ඇත. කරන කියන සෑම දේම ලාභ උසස් අයගේ ආශ්‍රය දරුවන්ගේ ගෘහයේ දියුණුව ඇතිවේ. ප්‍රීතිමත් ගමන් බිමන් ඇතිවන සතියක් වනු ඇත. දියුණුව උදෙසා බොහෝ තීන්දු තීරණ ගන්නා සතියක් වනු ඇත.
ශුභ දවස බ්‍රහස්පතින්දා/ ශුභ අංකය 8
මීන – මංගල ගමන්බිමන්
ආදායම යහපත් වේ. ඒවාගේම වියදම් වැඩි වේ. ප්‍රීතිය පිණිස වැඩකටයුතු ඇතිවනු ඇත. ගමන් බිමන් අධික වන සතියක් වේ. පවුලේ අය සමග කාලය ගත කරන සතියකි. දරුවන්ට යහපත් වේ. මෙම සතිය මීන ලග්න හිමියන්හට මංගල කාලයක් වනු ඇත. යෝජනා ස්ථිර වීම් පෙන්නුම් කරනු ඇත. නෑදෑ හිත මිතුරන් ළං වන සතියක් වනු ඇත. ප්‍රධානීන්ගෙන් දියුණුවට ආධාර ලැබේ. යහපත් සංගම් ඇතිවේ. හොඳ ඇඳුම් පැලඳුම් ලැබෙන සතියක් වනු ඇත. සංගීතය, නර්තනය ඇලුම් කරන සතියක් වේ. සමිති සමාගම් වැඩවලින් දියුණුව අධ්‍යාපනය සිදු කරන්නන්ට යහපත් සතියක් වනු ඇත. ශරීර සෞඛ්‍යයට ද යහපත් වේ. මෙම සතිය අඹු දරුවන්ට ද යහපත් වන සතියක් වනු ඇත.
ශුභ දවස සෙනසුරාදා/ ශුභ අංකය 5
ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී, විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. එන්. ඌෂාන්ත්‍රි
071 248 2323