අතුරුදන්වූ සිවිල් ක්‍රියාකාරී පුද්ගලයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා පකිස්ථානයේ කරච්චි නුවර විරෝධතාවයක යෙදුනු සිවිල් ක්‍රියාකාරී කාන්තාවන් පිරිසක් පකිස්ථාන පොලිසිය විසින් මාර්ගය දිගේ ඇදගෙන ගොස් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.පකිස්ථානය එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රටකි.අවාසනාවකය මෙන් පකිස්ථාන රජය සිවිල් ක්‍රියාකාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කරන බව එරට සිවිල් ක්‍රියාකාරීහු චෝදනා කරති.කෙසේ වෙතත් තමන් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරන බව අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර පෙරමුණ සඳහන් කරයි.මේ දක්වා පාකිස්ථානයේ සිවිල් ක්‍රියාකාරීන් 5000ත් 8000ත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ද එම පෙරමුණ පවසයි.මින් වැඩි පිරිසක් බැලොචිස්ථානයේ පදිංචි කරුවන් බවද එම පෙරමුණ සඳහන් කරයි.
|