ඉන්දියාවේ පැවැත්වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර පැනමේ ඉසව්ව නියෝජනය කර රිදී සහ ලෝකඩ පදක්කම් ලබාගෙන ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් දිල්කි නෙහාරා, කෙවිඳු සංදීල් සහ දුර පැනමේ පුහුණුකරු වන නයන ප්‍රසාද් මහතා පිළිගැනීම සඳහා පොතුපිටිය අපි සංවිධානයේ මූලිකත්වයෙන් පසුගියදා (14දා) විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
වාද්දුව මංසන්ධියේ දී ඔවුන් තිදෙනාව උණුසුම් අන්දමින් පිළිගෙන රථ පෙළපාළියකින් ගාලුපාර ඔස්සේ පොතුපිටිය දක්වා රැගෙනවිත් උත්සව සභාවක් පවත්වන ලදී.
වාද්දුව – සුමිත් පොතුපිටිය