ඉන්දීය යුද හමුදාපතිගෙන් චීන හමුදා ගැන ප්‍රකාශයක්

611


නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ ඉන්දීය සහ චීන හමුදා අතර මාස 30 කට අධික කාලයක් තිස්සේ පවතින ගැටුම් හමුවේ සිය පාලනය ස්ථාවර නමුත් ශීත ඍතුව ආරම්භ වීමත් සමඟ එය අනපේක්ෂිත විය හැකි බව බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ පවසයි.
ශීත ඍතුව ආරම්භ වීමත් සමඟ සමහර චීන බලසේනාවන් නැවත පැමිණෙන බවට ඇඟවීම් ඇති බවද කීවේය. එසේම චීන හමුදා ශක්තියේ කිසිදු අඩුවීමක් සිදුවී නොමැති බව හමුදා ප්‍රධානියා පැවසීය.ඒ අනුව ඉන්දියාවේ අවශ්‍යතා සහ සංවේදීතාවන් ආරක්ෂා කිරීමට හැකි වන පරිදි කටයුතු කරන බව ද කීවේය.
දෙරට හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මාලාවකින් අනතුරුව දෙපාර්ශ්වය ගැටුම් ස්ථාන ගණනාවකින් හමුදා ඉවත් කර ගත්තද ඩෙම්චොක් සහ ඩෙප්සාන්ග් ප්‍රදේශයේ ඇති වූ ගැටුම විසඳීමේ ප්‍රගතියක් තවමත් නොමැති බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment